(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්ර නිකුත්කිරීම හෙට (13) සිට ලබන 26 වනදා දක්වා සති දෙකක කාලයක් සඳහා අත්අහිටුවීමට තීරණය කරයි.
වාහන බලපත්ර නිකුත් කරන පරිගණක පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරිය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.