ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

පේදුරතුඩුව, නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී අදාළ ධීවරයින් සමඟ ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද එම ධීවර යාත්‍රාවන් තුළ නීතී විරෝධී ධීවර ආම්පන්න සමග එම පන්න ක්‍රමය භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින් ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *