(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔක්තෝබර් 11 වන දින ගැහැණු දරුවාගේ දිනය ලෙස නම් කර ඇත. 2021 ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වන ජාතික උත්සවය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි. “ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” යන තේමාව යටතේ මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දින වැඩසටහන පැවැත්විය.
මෙම වැඩසටහනට සමගාමීව “1929 Call Center Facility” හඳුන්වා දීම, ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වූ “සිතුවිස් සිත්තම්-2021” සමස්ත ලංකා චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතිකපත්‍ර පිරිනැමීම, “ඔයා දැන් ලොකු ළමයෙක්” කෙටි චිත්‍රපටය එළිදැක්වීම ඇතුළු සුවිශේෂී වැඩසටහන් රැසක් පැවැත්වීය.
“ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” යන තේමාව යටතේ 2021 ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනයට සුභාශිංසන එක් කරමින් ගරු රාජ්‍ය අමාත්‍යතුමන් ‘ගැහැණු දරුවෙකු වීම හේතුවෙන් මෙරට මෙන්ම ලොව පුරා බොහෝ ගැහැණු දරුවෝ අභියෝග රැසකට මුහුණ දෙනවා. ගැහැණු දරුවෙකුට අවශ්‍ය රැකවරණය, නිදහස, අධ්‍යාපනය, පෝෂණය හා සෞඛ්‍ය පහසුකම් ආදිය අප සුවිශේෂී කොට සැලකිය යුතු වෙනවා. සියළු දරුවන්ට එකසේ හිමි වියයුතු මේ පහසුකම් ගැහැණු දරුවන්ට නිසි පරිදි නොලැබී යන තත්වයක් ලොව පුරා දකින්නට ලැබෙනවා. අප අමාත්‍යංශයක් විදියට වෙහෙසෙන්නේ ගැහැණු දරුවන් ප්රමුඛව සමස්ත ළමා පරපුරටත් සියලු කාන්තාවන්ටත් නිදහසේ අභිමානයෙන් ජීවත් විය හැකි සමාජයක් උදාකරන්න’යැයි පවසා සිටියේය.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර මැතිණිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විධානපතිරන මහතා, ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මැතිතුමා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සිව්වන සභාපති වශයෙන් කටයුතු කළ ජගත් වැල්ලවත්ත මැතිතුමා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.