කථන දුර්වලතා සහිත දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන වරම්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට සිටින කථන දුර්වලතා සහිත දරුවන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළෙහි එක් අදියරක් ලෙස නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරුල්ල කලාපීය මධ්‍යස්ථානයේ ආරම්භ කරන ත්‍රිරෝද රථ කාර්මික ශිල්පී පාඨමාලා සදහා කථන දුර්වලතා සහිත දරුවන් සම්බන්ධ කරගනිමින් ඔවුන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට කටයුතු සුදානම් කෙරේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මකය.

සිංහල මාධ්‍යයෙන් සතියේ දිනවල වසරක කාලයක් පුරා පැවැත්වීමට කටයුතු කරන මෙම පාඨමාලාව පලමු මාස 06න් පසුව පෞද්ගලික අංශයේ රැකියා ගත පුහුණුවක් ලබා දීමට කටයුතු සැලසුම් කෙරේ. මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු වෙනුවෙන් රත්මලාන බිහිරි විද්‍යාලයේ උපදේශක සහය ලැබීමට නියමිතය. පාඨමාලව සදහා ගාස්තු අයනොකරන පාඨමාලාව හැදැරීම වෙනුවෙන් පුහුණු දීමනාවක් ගෙවිමක් කෙරේ.

වයස අවුරුදු 16 ත් 22 ත් අතර වයස් සීමාවන් තුල සිටින දරුවන්ට මේ සදහා සම්බන්ධ විය හැක. පාඨමාලා සාර්ථකව හදාරා අවසන් කරන සිසුන් වෙනුවෙන් ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කලාපීය මධ්‍යස්ථානයෙන් ලබා දෙන සහතික පත්‍රය සහ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ 4) ලබා දෙමින් නිපුණ වෘත්තීයකු බිහි කරයි.

පාඨමාලා සදහා අයදුම්පත් 2021.10.25 දිනට පෙර යොමු කළ යුතු අතර 011 2605535 / 011 2605625 / 076 8901571 යන දුරකථන ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *