විස්සට වැඩි සියලු දෙනාට එන්නත දීම අපේ ඉලක්කයයි – සෞඛ්‍ය අංශ

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි දින පහළොව තුළ වයස අවුරුදු විස්සට වැඩි සියලු දෙනාට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත දීම ඉලක්කය බැවින් නොපමාව එන්නත ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මාසය අවසන්වීමට පෙර වයස අවුරුදු විස්සට වැඩි සියලු දෙනා පූර්ණ වශයෙන් එන්නත් කළ පසු රටේ එදිනෙදා කටයුතු සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව කරගෙන යෑමට ඒ අනුව හැකියාව ලැබෙනු ඇතැයි ද සෞඛ්‍ය අංශවල විශ්වාසයයි.

ඉන් සසුව වයස අවුරුදු 15 වැඩි සියලු දෙනාව පූර්ණ එන්නත්කරණයට ලක්කළ පසු රටම පූර්ණ වශයෙන් ආරක්ෂිත වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *