මැති ඇමැතිවරුන්ට සහ අමාත්‍යංශ ලේකම්වරුන්ට විදෙස් ගමන් බැහැ

(කොළඹ, ලංකාපුවත්) – නොවැම්බර් 12 වැනිදා රජයේ අයවැය යෝජනාවලිය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත හෙයින් අත්‍යවශ්‍ය කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළුව අමාත්‍යාංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විදෙස්ගත වීමෙන් වළකින ලෙස චක්‍රලේඛයක් මඟින් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා දන්වා සිටී.

ඒ අනුව 2021 ඔක්තෝබර් 13වනදා දාතමින් යුත් විශේෂ චක්‍රෙල්ඛයක් මගින් ජනාධිපති ලේකම්වරයා විසින් මේ බව දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *