සිනමා ශාලා විවෘත කිරීමට අවසර

(කොළඹ, ලංකාපුවත්) –නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිනමා ශාලා විවෘත කිරීමට අවසර ලබාදී තිබේ.

ඒ අනූව, ලබන 21 වැනිදා සිට 25%ක ආසන ධාරිතාවෙන් මෙලෙස සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වේ.

මීට අමතරව ව්‍යායාම ශාලා 30%ක ධාරිතාවයකින් පුද්ගලයින් 10ක් සමඟ ක්‍රියාත්මක කිරීමටද අවසර ලබාදී තිබේ.

කෙසේ වෙතත්, පන්සල් පල්ලි හා කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර ලබාදී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *