පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයට නව අධ්‍යක්ෂවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් ආචාර්‍ය සූරතිස්ස දිසානායක මහතා පසුගියදා වැඩ බාරගත්තේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිසර හා සත්ත්ව විද්‍යා අධ්‍යයයන අංශයේ ආචාරයෙක් වශයෙන්ද කටයුතු කරන දිසානායක මහතා අධ්‍යයන ක්‍ෂේත්‍රයේ හසලදැනුමක් හා වසර ගණනාවක පළපුරුද්ද ඇති අයෙකි. ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ නීතිඥ ජයන්ත ලියනගේ මහතා සේවයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ආචාර්‍ය දිසානායක මහතා පත්කරන ලදී.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය පළාත්පාලන ක්‍ෂ්ත්‍රයේ වෘත්තිකයන් හට අවශ්‍ය විෂය හා ප්‍රායෝගික දැනුම ලබාදෙන ප්‍රමුඛතම හා රාජ්‍ය අංශයේ එකම ආයතනය වන අතර දිවයින පුරා පවතින සියලු පළාත්පාලන ආයතන වලට අවශ්‍ය පුහුණු හා උපදේශන හා පර්‍යේෂණ කටයුතු සිදු කිරීම ආයතනයේ මුඛ්‍ය කාර්ය භාරයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *