බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.

මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.

බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *