‘මැණිකේ මගේ හිතේ‘ ජනපති ඉදිරියේ ගායනා කල යොහානි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දිනවල දී ඉතා විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත් ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුව තිබේ.

එම හමුවට අයෝමා රාජපක්‍ෂ මහත්මිය ද සහභාගී වී සිට ඇත.

එම අවස්ථාවේ දී මැණිකේ මගේ හිතේ ගීතය යොහානි ගායනා කර ඇති අතර ජනාධිපතිතුමා සහ බිරිඳ ඉතාමත් ආදරයෙන් එම ගීතය රස විද තිබේ.

යොහානි සහ සතීෂාන් විසින් ගායනය කරන ලද ‘මැණිකේ මගේ හිතේ‘ යූටියුබ් හරහා නරඹන්නන් මිලියන 150 ඉක්මවා ඇත. පසුගිය සතියේ මෙම ගීතය යූටියුබ් ග්ලෝබල් ප්‍රස්ථාරයේ පළමු 10 දෙනා අතරට පැමිණ තිබුනි.

මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ අවධානයට ලක් වූයේ සුපිරි නළු අමිතාබ් බච්චන් එම ගීතයේ හින්දි අනුවාදයට නර්තනය කරන වීඩියෝ පටයක් හුවමාරු කර ගැනීමෙන් පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *