vivo වෙතින් තරුණ පරම්පරාවට සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට පහසුවෙන්ම සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තොරා ගැනීමට සහාය වීම සඳහා vivo නිරතුරුවම සුදානමින් සිටින අතර ඔබේ අවශ්‍යතාවය vivo නිවැරදිව අවබෝධයකින් යුතුව හඳුනාගෙන ඇත.

ඒ අනුව බොහෝ දෙනෙක් මග බලා සිටි vivo සමාගමේ තාරුණ්‍ය ඉලක්ක කර ගත් Y කාණ්ඩයේ නවතම Y53s දුරකථනය පසුගියදා වෙළඳ පොළට හඳුන්වා දුන්නේය. එය ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන තරුණ පිරිසේ අවශ්‍යතා මනාව හදුනාගනිමින් නිමවා ඇති ස්මාර්ට් ජංගම දුරකථනයකි. 8GB + 4GB extended RAM, 64 MP Rear Camera සහ Eye Autofocus වැනි ඉහළ මට්ටමේ විශේෂාංග වලින් සමන්විත Y ශ්‍රේණියේ පළමු ස්මාර්ට් ජංගම දුරකථනය මෙයයි. මේ හරහා vivo විසින් තාක්‍ෂණය ජනතාව උදෙසා සියලු දෙනා අතට පත්කරමින් තාක්ෂණික ප්‍රජාතන්ත්‍රවාදයේ සිමා පුළුල් කරනු දැකිය හැකිය.

මෙහි කැමරාව සැලකිල්ලට ගත් කල vivo හි සිය නවෝත්පාදනයන් ජීවමානව පවත්වා ගන්නා බව දැකිය හැකිය. එය 64MP Rear Camera, Eye Autofocus සහ Super Night Camera වලින් සමන්විතය. Advanced Eye Autofocus විශේෂංගය මඟින් ස්මාර්ට් ජංගම දුරකථනයට නිරන්තර අවධානය යොමු කිරීම සහතික කරමින් රාමුවේ ඇති වස්තුන් නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි. එමගින් චලනය කිරීමේදී බොඳවීමකින් තොරව පරිශීලකයින්ට සියළුම චලනයන් මනාව ග්‍රහණය කර ගත හැකිය. එහි නව්‍ය පරිශීලකයාට හැසිරවීමට පහසු කැමරා විශේෂාංග සමඟ වඩාත් උසස් හැඟීමක් ගෙන දෙයි.

Y53s යනු තරුණ පරම්පරාවේ නිමක් නැති අවශ්‍යතා සපුරාලීම සඳහා මනාව සකසන ලද ස්මාර්ට් ජංගම දුරකථනයකි. එහි දැවැන්ත 8GB + 4GB extended RAM සමඟ ඒකාබද්ධව, පරිශීලකයින්ට යෙදුම් කිහිපයක වුවත් වේගයෙන් සැරිසැරීමට ඉඩ සලසයි. එසේම කිසිඳු බාධාවකින් තොරව high-resolution gaming අත්දැකීම් භුක්ති විඳීමට එමගින් හැකිය. vivo Y53s හි 5000mAh ප්‍රභල බැටරියක් ඇතුළත් කර ඇති අතර එමඟින් දුරකථනය දිගු කාලයක් පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දෙයි. එසේම Y53s සමඟ පැමිණෙන 33W FlashCharge මගින් මිනිත්තු කිහිපයකින් ඔබේ බැටරිය නැවත පන ගැන්විය හැකියාව ලබා දී තිබේ.එමගින් vivo සෑම තැනකම සෑම අවස්ථාවකම කිසිඳු අඩු පාඩුවකින් තොරව Y53s සමඟ Swift Play හැකියාව ලබා දී තිබේ.

Y53s ස්මාර්ට් ජංගම දුරකථනය සත්‍යවශයෙන්ම ඇසට ප්‍රිය උපදවන ආකර්ශනීය පෙනුමකින් යුක්තය. Y53s හි ත්‍රිමාණ පෙනුම සහිතව Deep Sea Blue සහ Fantastic Rainbow වර්ණ දෙකකින් ලබා ගත හැකිය.ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රථම වරට Y53s හි liquid crystal භාවිතා කර ඇති අතර එමගින් ආලෝක කෝණය අනුව වෙනස් වර්ණ රැසක් මවයි. එම නිසා ඔබට වෙනම back cover යොදා ස්මාට් ජංගම දුරකථනයේ අලංකාරය සැඟවීමට සිදු නොවනු ඇත. එහි මෘදු ස්පර්ශය දෑතට සුව පහසුවක් ගෙන එන අතර gaming වලදී සුවිශේෂී සහයක් සපයයි. High resolution display සහ the screen to display ratio එයට පොහොසත් පෙනුමක් ලබා දෙන අතර එහි පුළුල් තිරය ඔබට දිගු නැරඹීමේ අත්දැකීමක් ලබා දෙයි.

vivo Y53s ස්මාර්ට් ජංගම දුරකථනය Abans, Dialog, SLT-Mobitel, Singhagiri සහ දිවයින පුරා පිහිටි vivo බලයලත් අලෙවි නියෝජිතයින් හරහා මිලදී ගත හැකිය. එසේම BuyAbans.com, Daraz.lk සහ Takas.lk යන වෙබ් අඩවි වලින් මිලදී ගත හැකි අතර මිල රු. 62,990/-ක් වේ. මෙහිදී Y53 පාරිභෝගිකයින්ට SLT-Mobitel වෙතින් මාස 6 ක කාලයකට වලංගු 60GB Anytime Data bundle එකක් ඔක්තෝම්බර් 31 දක්වා සිදුකරන මිලදී ගැනීම් සඳහා හිමි කර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *