කටකතා වලට රැවටෙන්න එපා. ඉන්ධන හිඟයක් නැහැ – ඇමති ගම්මන්පිල

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරවලට නොරැවටෙන්න ලෙසත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (21) සමහර ඉන්ධන පිරවුම්හල්වල උද්ගතවී තිබූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉන්ධන හිගයක් ඇති වෙන බවට පැතිර තිබූ කටකතා නිසා බොහෝදෙනෙක් ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වල අද රැදී සිටියේය.

ඉන්ධන හිගයක් ඇති වන බවට පැතිර යන ප්‍රචාර හේතුවෙන් බොහෝ පිරිස් ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් කරා පැමිණීමත් සමග දිගු පෝලිම් දක්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 10 =