කොළඹ ආයෝඡන මඟින් බොහෝ අංශ කෙරෙහි සමාජ, ආර්ථික බලපෑමක් ඇති කරයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙරළබඩ නගරයේ ආයෝඡන ව්‍යාපෘති මඟින් බොහෝ අංශයන්හි සමාජයීය හා ආර්ථික වශයෙන් විශාල බලපෑමක් ඇති කර තිබෙන බවට විද්වතුන් අවධාරණය කරයි.

“මම දකින ප්‍රධාන බලපෑම නම් එය ශ්‍රී ලංකාවට යම් ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දෙන නමුත් වරාය නගරය චීනයට ලබා දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න වැදගත් වන කරුණකි. වරාය නගරය ඉදි කිරීමෙන් ලැබෙන වාසි සහ අවාසි අප සැලකිල්ලට ගත යුතු කරුණක්. එම නිසා අපට එල්ලවන පාරිසරික බලපෑම් සහ විනාශයන් පිළිබඳව අවධානය යොමු කල යුතුයි, ඇත්ත වශයෙන්ම මෙම වරාය නගර ව්‍යාපෘතිය මගින් පාරිසරික බලපෑමක් සිදුවනවා. පාරිසරික බලපෑම පමණක් නොව, සමාජ බලපෑමක්, කලාපීය බලපෑමක්, භූගෝලීය බලපෑමක් ද දක්නට ලැබේ, මක් නිසාද යත් භූගෝලීය වශයෙන් ශ්‍රී ලකාවේ පිහිටීම ඉතාම වැදගත් වනවා පමණක් නොව, කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්වභාවිකව ලැබී තිබෙන පිහිටීම නිසා ලංකාව සෑම රටකටම පාහේ අවශ්‍ය රටක්,” බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ව්‍යවසාය සංවර්ධන උපදේශක සභාවේ උපදේශක ආචාර්ය ශිරාස් යූනස් මහතා පවසයි.

“ලොව සුපිරි බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන බව ඔබට දැක ගත හැකි අතර කලාපීය බලවතා වන ඉන්දියාවට ලංකාව කෙරෙහි උනන්දුවක් ඇති බව ඇත්ත වශයෙන්ම අපට දැන් ප්‍රත්‍යක්ෂ වී ඇති අතර, එම උනන්දුව මත නොයෙකුත් හේතු කාරනා මෙන්ම නොයෙකුත් අවශ්‍යතාවයන් බොහොමයක් තිබෙන්නට පුළුවනි. චීන-පකිස්ථානු ආර්ථික කොරිඩෝ (CPEC) ව්‍යාපෘතිය ඉදිකිරිම හරහා චීනයේ කාර්යභාරය දෙස බලන්න, ලංකාව තවත් ජාත්‍යන්තර මෙන්ම කලාපීය උපාය මාර්ගයකට ගොදුරු වෙමින් තිබෙන අතර, සෑම රටකටම ශ්‍රී ලංකාවේ පිහිටීම නිසාම නොයෙකුත් අවශ්‍යතා ඇති, නමුත් එයින් ශ්‍රී ලංකාවට වාසිදායකදැයි අප සොයා බැලිය යුතු,” බව ඒ මහතා පේනවා දෙයි.

“මම මෙහිදී එක් කරුණක් පිළිබඳව අවධාරණය කරන්නට කැමැත්තෙමි, එය ඉතා වැදගත් කරුණක් වන අතර එනම් පාකිස්තානය තම ග්වාඩර් වරාය චීනයට ලබා දී ඇත්තේ වසර 43 ක් සඳහා පමණක් වන අතර, ඒ ඉදිකිරීම් සඳහා අවුරුදු තුන හතරක් සහ ක්‍රියාත්මක කිරීමට අවුරුදු 40 ක් යනාදී වශයෙනි. මෙහිදී රැකියා අවස්ථා 40,000 ක් උත්පාදනය කිරීමට නියමිතව ඇති අතර වැඩි වශයෙන් ඔවුන් පකිස්ථානු ජාතිකයින් වෙත එම රැකියා අවස්ථවන් ලබා දෙනු ඇති අතර එය ඉතා හොඳ දෙයකි. නමුත්, ශ්‍රී ලංකාව ගැන අවධානය යොමු කරන විට අපට රැකියා අවස්ථා 80,000 ක් පමණ බිහි වන අතර රැකියා අවස්ථා 70,000 ත් 85,000 ත් අතර ප්‍රමාණයක් උත්පාදනය කළ යුතු බව අපට දැනගැනීමට ලැබී තිබේ,” ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මූලාශ්‍රය: A24 ප්‍රවෘත්ති ඒජන්සිය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *