බොලිවුඩ් සිනමාපටයකට යොහානිගේ ගායන දායකත්වය

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලං‍කාවේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා තවත් මුල් පෙළේ බොලිවුඩ් සිනමාපටයකට සිය ගායක දායකත්වය ලබා දීමට සූදානම් වේ.

“මැණිකේ මගේ හිතේ..” ගීතයේ හින්දු අනුනිර්මාණයක් තම “තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයට යොදා ගන්නා බව එහි අධ්‍යක්‍ෂ බූනේ කුමාර් සදහන් කර ඇත.

එම චිත්‍රපටය ලබන වසරේ එළදැක්වීමට සැළසුම් කර තිබේ. එහි නිෂ්පාදන ක්‍රියාවලිය මේවන විට සිදු කෙරේ.

ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දෙව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රාහුල් ප්‍රීත් සිං ඒ සදහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායකවේ.

මැණිකේ මගේ හිතේ ගීතයේ, හින්දි අනුවාදයට සංගීතයෙන් තනිෂ්ක් හා ගී පදරචනයෙන් රශ්මි විරාජ් එක්වේ.

මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්‍ෂ ඉන්ද්‍ර කුමාර් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ හැකි ඉක්මණින් අදාළ ගීතය පටිගත කිරීම් සදහා සූදානම්වන බවය.

මේ සම්බන්ධයෙන් යොහානි පවසන්නේ “තෑන්ක් ගෝඩ්” චිත්‍රපටයේ අධ්‍යක්ෂ හා නිෂ්පාදක මඩුල්ලට සිය කෘතඥතාව පළ කරන බවයි. මේ සදහා තමන් ඉන්දියාවට ඉදිරියේ දී යෑමට අපේක්‍ෂා කරන බවද සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *