යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව පෙත්සමක්

(කොළඹ, ලංකාපුවත්) – යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

කෙරවළපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ සමාගම වෙත පැවරීමට ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා , අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ඇතුලු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *