ඩෙල්ටා ප්ලස් නමින් අලුත් ප්‍රභේදයක්

(කොළඹ, ලංකාපුවත්) එන්නත්කරණයේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවලින් මේ වන විට ඩෙල්ටා ප්ලස් නම් අනු කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

එන්නත්කරණයෙන් ඉහළ සාර්ථකත්වයක් හිමිකරගෙන ඇති එංගලන්තයෙන් මෙම ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මුල්වරට වාර්තා වී ඇති බවද හෙතෙම කීවේය.

ඒ අනුව මේ වනවිට රටවල් 27ක ඩෙල්ටා ප්ලස් අනු ප්‍රභේදය දැකිය දැකි බවද ද බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව ද මේ වනවිට ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්කර සිටින බැවින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා කටයුතු කළහොත් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය මෙරටද ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා කීවේය.

ඩෙල්ටා ප්ලස් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් සහිත සංකූලතා වැඩි කොවිඩ් අනු ප්‍රභේදයක් බව වාර්තා වී තිබේ. ඒ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පෙන්වා දෙන්නේ පවතින සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කටයුතු කරන බවක් සමාජයේ පෙන්නුම් කරන බැවින් ඩෙල්ටා ප්ලස් කොවිඩ් අනු ප්‍රභේදය වළක්වා ගැනීමට ජනතාව වඩා අවදානයෙන් කටයුතු කළයුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + eight =