පුද්ගලයින් 150,000 ඉක්මවූ පිරිසකට ඊයේ එන්නත්කරණය

(කොළඹ, ලංකාපුවත්) –ගතවූ දිනයේ පුද්ගලයින් 150,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සිදුකර තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ පළමු මාත්‍රාව 79,732 දෙනෙකු සඳහාත් දෙවන මාත්‍රාව 72,228 දෙනෙකු සඳහාත් ඊයේ (21) දිනයේ ලබාදී ඇති බවය.

එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ ෆයිසර් එන්නත් මාත්‍රා 76,549ක් ලබාදී තිබේ.

ඒ අනුව මෙරට එන්නත්කරණය සිදුකර සම්පූර්ණ කර ඇති පිරිස 12,932,536ක් දක්වා ඉහළ ගොස් ඇත.

අවුරුදු 18 හා 19 වයස්වල පාසල් සිසුන් සඳහා දිවයින පුරා ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන ඊයේ(21) ආරම්භ කෙරුණු අතර අද (22) සිට වයස අවුරුදු 16න් ඉහළ සිසුන් සඳහා ද එම වැඩසටහන ක්‍රියාවට නැංවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *