(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවටම තිබෙන්නේ වැඩුනු රත් හඳුන් ගස් 37යි ක් බැවින් දිවයිනේ ස්ථාන කිහිපයක් තෝරාගෙන එම ස්ථානවල රත් හඳුන් පැළ 1000ක් රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා කටයුතු යොදා ඇත.
පරිසර ඇමැති මහින්ද අමරවීර , අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැති දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන තිරසාර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් වූ යෝජනා අනුව මෙම පියවර ගෙන තිබේ.
දුර්ලභ හා ඉහළ වටිනාකමක් සහිත රත්හඳුන් ශාකය (Pteracarpus Santalainus ) අප රටේ පහසුවෙන් වගා කළ හැකි වුවත් වගාව සඳහා අවශ්‍ය පැළ සොයා ගැනීමේ අපහසුතාව නිසා එය දුර්ලභ ශාකයක් බවට පත් වී ඇත.මේ නිසා ඖෂධීය වටිනාකමකින් හෙබි රත් හඳුන් ශාකය ප්‍රචලිත කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකසන ලෙස දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන තිරසාර ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට යෝජනා ඉදිරිපත් වී තිබිණි.
වැඩුනු රත් ඳුන් ශාකයක මිල රුපියල් මිලියන 20ක් පමණ වන අතර සාමාන්‍යයෙන් මේරූ රත් හඳුන් ගසක් මීටර් 08- 12ත් දක්වා වැඩෙන ශාකයකි. මෙම ශාකය වියළි කළාපය තුළ හොඳින් වගා කළ හැකි ශාක විශේෂයකි. මෙම සාකච්ඡාවේ දී අදහස් පළ කළ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් රත් හඳුන් පැළ 1000ක් රෝපණය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම සුදුසු බවයි. දැනට ඔවුන් විසින් රත් හඳුන් පැළ 4800ක් දිවයිනේ විවිධ ස්ථානවල වගා කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පැළ ලබා දිය හැකි බවත් මෙහිදී ඔවුන් සඳහන් කළේය.
දේශීය වෙදකම සඳහා අවශ්‍ය අරළු, බුළු. නෙල්ලි පමණක් නොව කොහොඹ ඇට හා මී ඇට පවා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට සිදු වී ඇති බවත් ඒ සඳහා රටේ විදේශ විනිමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 09ක මුදලක් වාර්ෂිකව වැය කරන බවත් මෙහි දී අනාවරණය විය.
දැනට අප රටේ රත් හඳුන් ශාක ප්‍රමාණවත් පරිදි නොමැති නිසා රත් හඳුන් හා සුදු හඳුන් ද ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබයි.