ශ්‍රී ලාංකේය දූත පිරිස ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගනි

(කොළඹ | ලංකාපුවත්) –ඉන්දු – ශ්‍රී ලංකා ඵෙතිහාසික සබඳතා තහවුරු කරගනිමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි කුෂිනගර් අන්තර්ජාතික ගුවන් තොටුපොළෙහි ගුවන් මෙහෙයුම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයේ තැම්පත් කර තිබූ කපිලවස්තු සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නයේ භික්ෂූන්වහන්සේලා සහ ශ්‍රී ලාංකික දූත පිරිස සමග කුෂිනගර් අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීම පසුගිය (20) දා සිදුවිය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස මෙම ඵෙතිහාසික අවස්ථාවට එක්වීම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයන් හි වැදගත් සංධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.

එම අවස්ථාවට සහභාගී වූ මහා සංඝ රත්නය සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ඉන්දියාවේ කුසිනාරාවේදී ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා හමුවූහ.

ගෞතම බුදුරජාණන් වහන්සේ සිය පළමු ධර්ම දේශනාව සිදු කළ සාරානාත් විහාරස්ථානය වැඳපුදා ගැනීම හා එම පූජනීය ස්ථානය භාරව වැඩ වෙසෙන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමටත් මහා සංඝ රත්නය ප්‍රමුඛ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලාංකේය දූත පිරිස අවස්ථාව ලදහ.

එහිදී ගෞතම සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූවා යැයි සැලකෙන කුෂිනගර් හි පිහිටි පරිනිර්වාණ වෛත්‍යය හා රාමභාර් ස්ථූපය වැඳ පුදා ගත් අතර ඉන්දියාවේ වරනාසි හි මූලගන්ධ කුටි විහාරය වැඳ පුදා ගැනීමේ භාග්‍යය ද මහා සංඝ රත්නය ප්‍රමුඛ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිසට හිමිවූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර 2020 සැප්තැම්බර් මස 20 වන දින සූම් ඔස්සේ පැවති ද්විපාර්ශ්වික සමුළුවේ දී කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ඵෙතිහාසික ගමන සැලසුම් කෙරිණි.

දීර්ඝකාලයක සිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දැඩි මිත්‍රත්වයක් පවතින බැවින් මෙම ඵෙතිහාසික අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබීම හේතුවෙන් දෙරට අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පවතින බහුවිධ සබඳතා තව තවත් ශක්තිමත්වීම හා ජාතීන් අතර පවතින සම්බන්ධතාව වඩා තහවුරු වීම ද මෙහිදී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =