අන්සතු විදෙස් ගමන් බලපත්‍ර ලඟ තබාගෙන සිටි තරුණ යුවළක් දැලේ

(ලංකාපුවත් | කොළඹ) – අන්සතු විදෙස් ගමන් බලපත්‍ර 18ක් සන්තකයේ තබාගෙන සිටි අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ(24) සිදුකළ වැටලීමකදී මෙම අඹුසැමි යුවළ සමඟ ලැප්ටොප් පරිගනකයක්, ටැබ් යන්ත්‍රයක්, ජංගම දුරකථන 03ක් හා මුද්‍රණ යන්ත්‍රයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය අවුරුදු 28 හා 24 වයස්වල පසුවන පිලැස්ස ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙම විදේශ ගමන් බලපත්‍ර තුනක ජපන් රටට යාම සදහා අන්සත් විසා බලපත්‍ර අලවා තිබී ඇත.

එසේම මොවුන් විසින් ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවටත් ඒ සම්බන්ධයෙන් ඔවුනට එරෙහිව නිකවැරටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මහව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩු 08ක් පවතින බවත් ඒ සියලුම නඩු සදහා ඔවුනට වරෙන්තු නිකුත් වී ඇති බවත් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා අද (25) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *