එලිසබෙත් රැජන විවේක ගනියි

(ලංකාපුවත් | කොළඹ) – මූලික වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම සඳහා පසුගිය බදාදා රාත්‍රියේදී රෝහල්ගත වූ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජන රැයක් පුරා රෝහල්ගතව සිට යළි වින්ඩ්සර් මාළිගාවට පැමිණියද, ඇය විවේක ගත යුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයි වාර්තා වේ.

දීර්ඝතම කාලයක් ඔටුන්නට හිමිකම් කියන එලිසබෙත් මහ රැජන ඔටුන්න දරා සිටින ලොව වයස්ගතම පුද්ගලයා වන අතර, මේ වන විට 95 හැවිරිදි වියෙහි පසුවන්නීය.

ඇය පෙරේදා උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතව සිටිය ද එම ගමන අවලංගු කර දැමීමට සිදු වී තිබිණි. කාර්ය බහුල දිවි පෙවෙතක් ගත කරන එලිසබෙත් රැජන විවේක සුවයෙන් පසු විය යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *