ගගුරෑවට නැනෝ තාක්ෂණයෙන් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

(ලංකාපුවත් | කොළඹ) – දිවයින පුරා වකුගඩු රෝගීන් ව්‍යාප්තියට තිත තැබීමට පිරිපහදු ජලය ඉමහත් රුකුලක් වෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහන යටතේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, ගගුරෑව ප්‍රදේශයේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඉදිකල නැනෝ තාක්ෂණයෙන් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කරමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා,

මේ වන විට දිවයින පුරා වකුගඩු රෝගීන් බහුලව වාර්ථා වන ප්‍රදේශ අතරට අනුරාධපුර දිස්ත්‍රිකයත් ප්‍රධාන තැනක තිබෙනවා. අපි මේ රෝගයෙන් ජනතාව බේරා ගන්න විවිධ ක්‍රම වේද හදුන්වා දෙමින් සිටිනවා. මෙහි ප්‍රධානම සාදකය ජලය ලෙසයි හදුනාගෙන තිබෙන්නේ. ඒ නිසා තමයි ග්‍රාමීය මට්ටමින් මේ අයුරින් විවිධ ව්‍යාපෘති මගින් පිරි පහදු ජල පෙරණ යත්‍ර ස්ථාපිත කරමින් පවතින්නේ. මෙහි උපරිම ඵල ගම් වැසියන් ලබා ගත යුතුයි. ආහාර පිසීමට පවා මේ ජලය භාවිතා කිරීම ඉතාමත් සුදුසුයි. අපි සැවොම මේ පසට නැවත රසායනික ද්‍රව්‍ය එක් නොකර සිටියහොත් මතු පරම්පරාවට එහි ඵලය ලබා ගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 7 =