ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමක් ශ්‍රී දළදා මාළිගාවේදී

(ලංකාපුවත් | කොළඹ) – තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදු හා අතුරුදහන් වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සක්‍රීය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය පසුගිය 23 හා 24 දිනයන්හීදී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි ගුවන් හමුදාපතිවරයා ශ්‍රී දළදා වහන්සේ වැදපුදා ගැනිමෙන් අනතුරුව අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහානායක අති පුජ්‍යය වරකාගොඩ ඤාණරතන මාහිමිපානන් බැහැදැක අශිර්වාද ලබාගත් අතර අනතුරුව මල්වතු මහා විහාර පාර්ෂවයේ මහනායක අති පුජ්‍යය තිබිබටුවාෙවි ශ්‍රි සුමංගල මාහිමිපානන් වහන්සේ බැහැදැක අශිර්වාද ලබා ගන්නා ලදි.

ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බෞද්ධ ආගමික උත්සවයේ ප්‍රථම දිනය වු ඉකුත් 23 වන දින සවස ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වු අතර 24 වන දින මුලූතැන් බුද්ධ පූජාවක් සහ මහා සංඝරත්නය උදෙසා අෂ්ථපරිස්කාරක සපිරිකර සාංඝීක මහා දානය පිරිනැමිණ.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණ මහත්මිය මෙන්ම ගුවන් හමුදා සුභ සාධක සේවා අධ්‍යක‍ෂ තුමන් ඇතුළු ගුවන් හමුදා සාමාජික්යින් ඉතා සීමිත පිරිසක් සහභාගී වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික කොවිඩ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඩ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව සියළු කටයුතු සංවිධාන කර තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *