ජපාන තානාපති හා ජනපති හමුවක්

(ලංකාපුවත් | කොළඹ) – සේවය අවසන් කර දිවයිනෙන් පිටත් ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් ජපාන රජයෙන් ලබා ගැනීමටත් කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම ඇතුළු සුගියාමා අකිරා මහතා විවිධාකාරයෙන් මෙරටට ලබා දුන් සේවය ජනාධිපතිතුමා විසින් ඇගයීමට ලක් කෙරිණ.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කරමින් අවශ්‍ය ඕනෑ ම මොහොතක ශ්‍රී ලංකාවට සහාය දීමට තමා උත්සාහ කරන බව ජපාන තානාපතිවරයා ජනාධිපතිතුමා සමඟ පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි කට්සුකි කොටාරෝ (Katsuki Kotaro) යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *