මහාචාර්ය නිරා වික්‍රමසිංහ රචනා කළ කෘතියකට ලොව ප්‍රධානතම ශාස්ත්‍රීය සම්මානයක්

(ලංකාපුවත් | කොළඹ) – මහාචාර්ය නිරා වික්‍රමසිංහ මහත්මිය රචනා කළ ‘ස්ලේව් ඉන් අ පැලන්කීන්‘(Slave in a Palanquin) කෘතිය සදහා ලොව ප්‍රධානතම ශාස්ත්‍රීය සම්මානයක් වන ජෝන් එෆ් රිචඩ්ස් සම්මානය හිමිවී තිබෙනවා.

ඇමෙරිකානු ඉතිහාස සංගමය විසින් මෙම සම්මානය වාර්ෂික ව පිරිනමන්නේ ඉංග්‍රීසි බසින් දකුණු ආසියානු ඉතිහාසය පිලිබඳ ව පළ වූ විශිෂ්ඨ ම හා කැපී පෙනෙන ශාස්ත්‍රීය කෘතියට යි.

නෙදර්ලන්තයේ ලෙයිඩන් සරසවියේ මහාචාර්ය වරියක ලෙස කටයුතු කරමින් සිටින මහාචාර්ය නිරා වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකාවේ විශ්විද්‍යාල කීපයක ද ආචාර්යවරියක ලෙස සේවය කර තිබේ. ඇය රචනා කළ කෘති රැසක් ජාත්‍යන්තර සම්භාවනාවට පත්ව ඇත.

යුරෝපයේ පැරැණිම සරසවියක වන (ක්‍රි.ව 1575 දී ස්ථාපිත) ඕලන්දයේ ලෙයිඩන් සරසවියේ නූතන දකුණු ඉන්දීය ඉතිහාසය පිළිබඳ මහැදුරු තනතුර හොබවන නිරා වික්‍රමසිංහ මහත්මිය විසින් තම විෂය යටතේ ශාස්ත්‍රීය අවධානය බෙහෙවින් ආකර්ෂණය වුණු ප්‍රාමාණික කෘතීන් ගණනාවක් ම මීට පෙර ද පළ කර ඇත.

ප්‍රංශයේ සෝබෝන් සරසවියෙන් මූලික උපාධිය දිනාගෙන ඇති ඇය කේම්බ්‍රිජ් සරසවියෙන් සිය ආචාර්ය උපාධිය හිමිකර ගත්තාය.

සම්මානයට පාත්‍ර වූ ස්ලේව් ඉන් අ පැලන්කීන් කෘතිය කොලොම්බියා විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශයට පත්කර ඇති අතර ශ්‍රී ලංකාවේ යටත්විජිත ඉතිහාසය සම්බන්ධයෙන් ගැඹුරු විශ්ලේෂනයක් ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + seven =