DFCC Auto Loan: ඔබේ වාහන සිහිනය සැබෑ කරන අලුත්ම මූල්‍ය විසඳුම

(ලංකාපුවත් | කොළඹ) – මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක්වන DFCC බැංකුව‘DFCC Auto Loan’ නමින් සුවිශේෂී රථවාහන ණය සේවාවක්හඳුන්වාදී තිබේ.

ගනුදෙනුකරුවන්ට තම වාහන සිහින සැබෑකර ගැනීමට අත්වැලක් වීමේ අරමුණින් මෙම සුවිශේෂී සේවාව හඳුන්වාදී ඇත.

‘DFCC Auto Loan’යටතේ දීර්ඝ කාලීන ආපසු ගෙවීම් සැලසුම් යටතේ රු.මිලියන10ක් දක්වා ණය පහසුකම් ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබේ. මෙම පහසුකම, ණය ගැනුම්කරුවන්ට අවශේෂ වටිනාකමක් (Residual value) ද සහිතව විධිමත් ආපසු ගෙවීමේ සැලැස්මක් ඔස්සේ තමන්ට කැමති වාහනය මිලදීගැනීමේ අවස්ථාව ලබාදෙයි.

ණය කාලසීමාව අවසානයේදී අවශේෂ වටිනාකම ගෙවා අවසන් කිරීම වෙනුවට එය තවත් වසර කිහිපයක් දීර්ඝ කරගැනීමේ හැකියාව ද පවතින අතර, සමස්ත ණය ආපසු ගෙවීමේ කාලය වසර 8ක උපරිමයක් දක්වා දීර්ඝ කරගත හැකිවේ. මෙහිදී ණය ගැනුම්කරුට අවශ්‍ය නම් ණය කාලය අවසානයේ වාහනය අලෙවිකර අවශේෂ වටිනාකම පියවා, අලුත් වාහනයක් මිලදීගැනීම සඳහා අලුතෙන් ණයක් ලබාගත හැක.

අවම අවදානමක් සහ දීර්ඝ ණය කාල සීමාවක් සමගින් සහනදායී මාසික වාරිකයටතේ වාහනයක් හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීම‘DFCC Auto Loan’ හි මූලික අරමුණයි.

සියලුම කාර්, වෑන්,SUV, සහ ඩබල් කැබ් රථ සඳහා‘DFCC Auto Loan’ණය පහසුකම භාවිතා කළ හැකිවේ.

ජනතාවගේ ජීවනතත්ත්වය උසස් කරමින් සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ වර්ධනයට දායකවීම සඳහා, ජනතාවට වඩාත් පහසුවෙන් රථවාහන මිලදී ගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව DFCC බැංකුව විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × four =