මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

(ලංකාපුවත් | කොළඹ) –මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී අද (26) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මිලින්ද නැමැති 42 හැවිරිදි පුද්ගලයකි.

මෙම වෙඩි තැබීමෙන් මරණකරුගේ මස්සිනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද වාර්තා වේ.

යතුරු පැදියකින් පැමිණ ඇති වෙඩික්කරුවන් අද අලුයම 3ට පමණ මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් අසල යතුරු පැදිය නවතා ඒ අසල පිහිටි මරණකරුගේ නිවසට ගොස් දොරට තට්ටු කර නිවැසියන් අවදි කිරීමෙන් පසු මෙම වෙඩි තැබීම සිදු කළ බවට මේ වන විට කරුණු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

කෙසේවෙතත් සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + eight =