(ලංකාපුවත් | කොළඹ) –සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) උපදෙස් දුන්නේය.
ඒ අනුව අදාළ සාකච්ඡාවල දී ඉස්මතුවන කරුණු ත්‍රෛයිමාසිකව සමාලෝචනය කරමින් සංවර්ධන කටයුතු සඳහා කාර්යක්ෂම වැඩපිළිවෙලක් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.
ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ හා විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක සහ වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ආයතන තුනක දෙවැනි කාර්තුවේ ව්‍යාපෘති ප්‍රගතිය විමසා බැලීම අරලියගහ මන්දිරයේ දී අද පෙරවරුවේ පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේය.
2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 55,452ක් වෙන්ව තිබෙන බව අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අදාළ මුදල් මේ වසර අවසන්වීමට පෙර ව්‍යාපෘති සඳහා වැය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව හෙතම සඳහන් කළේය.
මෙහි දී ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිලධාරිහු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළහ.
වැටුප් ගෙවීමට ඒ ඒ ආයතනවලට ආදායමක් ඇත්නම් ඇබෑර්තු පුරවන්න තහනම් කර නැහැ. අවශ්‍යම අය ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී කියා සිටියේය.
පානදුර නගරය ජලයෙන් යටවීම පාලනයට කිසියම් ව්‍යාපෘතියක් මේ දක්වා සැළසුම් කර නොමැතිවීම ගැන අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
අනාගතයේ පානදුර නගරය ජලයෙන් යට නොවන්න ව්‍යාපෘතියක් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.
වාරි සෞභාග්‍යා ව්‍යාපෘතිය යටතේ දැනට දිස්ත්‍රික්ක හයක වැව් 65ක් හඳුනාගනිමින් කරනු ලබන ප්‍රතිසංස්කරණ කටුයුතු පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු විය.
අදාළ වැව් 23ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ව ඇති බව නිලධාරින් මෙහි දී පෙන්වා දුන්නේය. මෙසේ ප්‍රතිසංස්කරණය කරන වැව්වල නාමාවලියක් සහ අදාළ තෝරාගැනීම් කළ අකාරය සඳහන් වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය.
කාර්යය මණ්ඩල බඳවා ගැනීමේ දී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ගැනීමට ද මෙහි දී යෝජනා විය.
නෞකා මගින් සිදුවන සමුද්‍රයීය දූෂණය වැළැක්වීම සියයට 65ක් පමණ ප්‍රගතිය දක්වා ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය මෙහි දී පැවසුවාය.
එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට වූ හානිය පිළිබඳව ද මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.
මෙම නෞකා අනතුරෙන් වූ හානිය සම්බන්ධයෙන් අදාළ අධිචෝදනා පත්‍රය නීතිපති දෙපාර්තමේන්තුවේ සහය ඇතිව කඩිනමින් ඉදිරිපත් කරන බව ලහඳපුර මහත්මිය පැවසුවාය.
අදාළ නෞකා අනතුරෙන් වූ පරිසර හානිය ගණනය කරමින් වන්දි ලබා ගැනීමට අනුගතවීම සඳහා ලන්ඩන් සීපාස් ආයතනයට ජල හා ප්ලාස්ටික් සාම්පල් යවා ඇති බවත් ප්‍රංශයේ සෙඩ්රි ආයතනයට ජෛව සාම්පල් යවා ඇති බවත් මෙහි දී හෙළි විය.
මේ සම්බන්ධයෙන් මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් පත්කළ 40දෙනෙකුගෙන් යුතු විද්වත් කමිටුව මූලික විද්වත් කමිටු වාර්තාව ලබන නොවැම්බර් මාස 30වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ලහඳපුර මහත්මිය හෙළි කළාය.
මෙයට අමතරව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් දෙපාර්තමේන්තුව 2021 වසරේ ව්‍යාපෘති 40ක් හඳුනාගෙන ඉන් 14ක් නිම කර තිබේ.
ප්‍රගති සමාලෝචනය අවසානයේ අග්‍රාමාත්‍යතුමා අතින් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ යුතු මුල්යවාර්තා ආකෘති පත්‍රය ඒ ඒ ආයතන ප්‍රධානීන්ට ලබා දුන්නේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න,වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.එල්.ඒ විජේසිරි,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එස්.බී යාලෙගම,කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් හිරාන්සා කළුතන්ත්‍රි,නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.පී.එම් රත්නායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී(සැලසුම්)ආර්.සී ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.