මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉස්සන් හා දැල්ලන් බෝ කිරීමේ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය

(ලංකාපුවත් | කොළඹ) –මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරෙයි වටවාන් ප්‍රදේශයේ ඉස්සන් හා දැල්ලන් බෝ කිරීමේ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩසටහනක් නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් වාකරෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම කර්මාන්තවල යෙදෙන්නන් සමඟ ඊයේ(26)පැවති සාකච්ඡාවේ දී මඩකලපුව දිස්ත්‍රික්කයේ වාගරයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වට්ටවාන් සහ පනිචන්කේණි යන ප්‍රදේශයන්හි අක්කර 100 පමණ ඉඩම්වල ඉස්සන් හා දැල්ලන් ප්‍රවර්ධන වැඩසටහනක් දැනටමත් කරගෙන යන බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශය සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්දන් මහතා පැවසීය.

ඉස්සන් හා දැල්ලන් කර්මාන්තයේ සංවර්ධන ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම කල යුතු බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ වාරි ප්‍රදේශය ආශ්‍රිත ප්‍රතිලාභීන්ට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

විශේෂයෙන්ම මෙවැනි කර්මාන්ත දියුණු කිරීම තුලින් විදේශ රටවලට අපනයන කිරීම තුලින් හොද ආදායම් මාර්ග ලැබෙන බවත් රැකියා ප්‍රශ්න වලටද විසදුම් ලබා ගත හැකි බවද වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාද මෙම අවස්ථාව සදහා සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *