රාජ්‍ය නිලධාරීන් සිය ජනතා ගැටළු තවත් පරම්පරාවකට ඉතිරි නොකර විසදා අවසන් කළ යුතුයි

(ලංකාපුවත් | කොළඹ) –ජනතා බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් සිය ජනතා ගැටළු තවත් පරම්පරාවකට ඉතිරි නොකර විසදා අවසන් කළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යම්පත් මහත්මිය පැවසුවාය.

විශ්‍රාම ගිය පසු තම හෘද සාක්ෂියට එකගව සතුටින් සිටිමට හැකි වන්නේ එසේ කටයුතු කළහොත් පමනක් බවද ආණ්ඩුකාරවරිය කීවාය.

නැගෙනහිර පළාත් සමාජ අසාධාරයන්ට ලක්වූ පුද්ගලයින්ගේ ගැටළු සොයා බැලීම සදහා පත් කල කොමිෂන් සභාවේ වාර්ථාවට ආදාළ නිර්දේශයන් පිලිබදව අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම්වරැන් සමග අද 26 පෙරවරුවේ පැවැති විශේෂ හමුවකදි ආණ්ඩුකාරවරිය මේ බව පැවසුවාය.

අම්පාර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැති මෙම හමුව ඇමතූ ආණ්ඩුකාරවරිය මෙසේද කියා සිටියාය. “තමන්ගේ ඉස්සරහට එන ෆයිල් එක අත්සන් කිරිම පමණක්ම නෙවෙයි අපේ කාර්යභාරය, අපි රජයේ සේවකයෝ, මේ මුළු රටේම ඉන්න මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් තමයි අපි කන්නේ, එක වේලක් කාලා ජිවත් වෙන මිනිස්සු මේ රටේ ඉන්නවා, ඒ අහිංසක මිනිසුන්ගේ බදු වලින් තමයි අපිට පඩි ගෙවන්නේ, අපි සියළු දෙනාගේම වගකීම ඒ මිනිසුන්ගේ ගැටළු විසදන එක, මම පහුගිය දවසක මඩකලපුවේ ගියා, ඒරාවූර් ප්‍රාදේශිය සභාවේ සිදුවීමක් දැකලා මට ඇත්තටම කලකිරුණා, අවුරුදු 02 ක් තිස්සේ ඒ ගැටළුව තියනවා, අපි කිසිවිටෙකත් තීන්දු තීරණ ගැනීමේදි පක්ෂ පාට බේද නොබැලිය යුතුයි” යයිද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අවස්ථාවට අම්පාර දිස්ත්‍රික් ලේකම් එම්.එල් බංඩාරනායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *