කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය අද (27) කාශ්මීර කළු දිනය සිහිපත් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය.

මාලදිවයින් රජයේ හිටපු උපදේශක ආචාර්ය අසේල වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා පාකිස්ථාන මිත්‍රත්ව සංගමයේ සභාපති ඉෆ්තිකාර් අසීස් මහතා, දේශපාලන ක්‍රියාකාරික සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ ජාතික සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා සහ සූර්යා රිස්වි මහත්මිය සම්මන්ත්‍රණය ඇමතූහ.

ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ ඉන්දීය ම්ලේච්ඡ ක්‍රියා සහ ඉන්දීය ආක්‍රමණික හමුදා විසින් සිදු කරනු ලබන සාහසික ක්‍රියාවන් කථිකයන් පෙන්වා දුන්හ.

රැස්ව සිටි පිරිස ඇමතූ වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා, කථිකයන්ට සහ සහභාගිවන්නන්ට ස්තූතිය පුද කළ අතර, ඉන්දීය ආක්‍රමණයට එරෙහිව කාශ්මීර වැසියන්ගේ ස්වයං නිර්ණ අයිතිය සඳහා වන සාධාරණ අරගලයේදී පකිස්තානය සිය කැපවීම සහ සහයෝගය දිගටම ලබා දෙන බව පැවසීය.

සම්මන්ත්‍රණයේ අරමුණ පැහැදිලි කරමින්, කාශ්මීරයේ ජනතාවගේ සදාකාලික දුක්ඛිත තත්ත්වය පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සහ කාශ්මීර ජනතාවගේ අභිලාෂයන්ට අනුකූලව එක්සත් ජාතීන්ගේ යෝජනා මත කාශ්මීර ප්‍රශ්නය විසඳීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම බව ඔහු කියා සිටියේ.

පසුගිය දශක හතක කාලය තුළ ජම්මු සහ කාශ්මීරයේ ඉන්දීය ආක්‍රමණික හමුදා විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළා දුටු ඔහු, එක්සත් ජාතීන්ගේ කැමැත්තට අනුව එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව කාශ්මීරයේ ජනමත විචාරණයක් පැවැත්වීම සහතික කිරීමට ලෝක රටවල් කැපවී සිටින බව පැවසීය. ඉන්දියාව මුලින්ම කාශ්මීර ප්‍රශ්නය එක්සත් ජාතීන් වෙත ගෙන ගිය බව සිහිපත් කළ ඔහු, නමුත් පසුගිය වසර 72 තුළ එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව මැලිකමක් දක්වන බවත් ඔහු සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණය අතරතුරදී ඉන්දීය රජය විසින් අත්පත් කරගෙන සිටින කාශ්මීර ප්‍රදේශය තුළ සිදුකරන නීතිවිරෝධී සහ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග අවලංගු කරන ලෙස බලකරමින් පුළුල් සාකච්ඡාවක්ද පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින්, වෘත්තිකයන්, මාධ්‍යවේදීන්, ලේඛකයින්, ශ්‍රී ලාංකිකවේ කාශ්මීර ආධාරකරුවන් මෙන්ම පකිස්ථාන ප්‍රජාවද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *