ජනපති ආණ්ඩු පක්ෂ නායකයින් කැඳවයි

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 5.30ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

මෙම සාකච්ඡාව කැඳවීමේ මූලික අරමුණ වනුයේ, මේ වනවිට සමාජයේ දැඩි කතාබහකට තුඩු දී ඇති යුගදනවි බලාගාරය සහ අනෙකුත් ඊට සම්බන්ධ අදාළ කාරණා සාකච්ඡා කිරීමටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *