වදුරඹ පොලීසියේ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) – මුදල් පැහැර ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ගාල්ල වදුරඹ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද(28) ඉදිරිපත් කිරීමට නියමිතය.

පුද්ගලයෙකු බියගන්වා රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් වදුරඹ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ(27) දිනයේදීය.

පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයෙකු වාහනයක් මිලදී ගැනීම සදහා රුපියල් ලක්ෂ 10 ක අත්තිකාරම් මුදලක් ද රැගෙන වදුරඹ ප්‍රදේශයට ගොස් තිබුණේ තවත් පුද්ගලයෙකු ද සමගය. එහිදී මුදල් රැගෙන ගිය පුද්ගලයා බිය ගන්වා අදාළ මුදල් පැහැර ගැනීම සිදුකර ඇති බව පරීක්ෂණ වලදී හෙළිව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. එහිදී හෙළිව ඇත්තේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මුදල් පැහැර ගැනීමේ සිද්ධිය සැළසුම් සහගතව සිදුකළ එකක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *