2021 LPL තරගාවලියට Jaffna Kingsරඳවා තබාගන්නා දේශීය ක්‍රීඩකයින් නම් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL)කිරුළ දිනූ ජයග්‍රාහී යාපනය කණ්ඩායමෙන් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියට පෙර දේශීය ක්‍රීඩකයින් සිව්දෙනකු රඳවා තබාගැනීමට Jaffna Kings කණ්ඩායමට අවස්ථාව හිමිවේ.

ඒ අනුව පසුගිය (LPL)තරගාවලියේ ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ නියමුවා වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මෙවරද Jaffna Kings කණ්ඩායමේ නායකත්වය උසුලන බව මේ වන විටත් නිල වශයෙන් නිවේදනය කර ඇති අතර ඔහු ද ඇතුළුවJaffna Kings කණ්ඩායම රඳවා තබාගන්නාක්‍රිඩකයින් සිව්දෙනා වන්නේ තිසර පෙරේරා,වනිදු හසරංග,අවිශ්ක ප්‍රනාන්දු සහ මහේෂ් තීක්ෂණයි.

පසුගිය (2020) ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දි ‘යාපනය කණ්ඩායම’ ශූරතාව කරා මෙහෙයවූයේ තිසර පෙරේරාගේ විශිෂ්ට නායකත්වයෙනි. Jaffna Kingsකණ්ඩායමේ දේශීය ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ මූලික රඳවා ගැනීම් අතර ඉහළින්ම සිටින ඔහු ජාත්‍යන්තර’T20′ තරඟ බිමේ තරඟ රැසක ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකි.පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් යන තුන් ඉරියව්වෙන් ම ලෝක මට්ටමෙන් දස්කම් දක්වන සුපිරි ක්‍රීඩකයකු ලෙස සැලකෙන තිසර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) සහ පකිස්තාන සුපර් ලීග් (PSL) ඇතුළු ලීග් තරඟාවලි ගණනාවක් සඳහා ලොව පුරා T20 තරඟ රැසක ක්‍රීඩා කර ඇත.ඔහු එක්දින සහ T20 යන ජාත්‍යන්තර තරඟ දෙකෙහිදී ම කඩුළු ත්‍රිත්වයක් වාර්තා කළ ලොව දෙවැනි ක්‍රීඩකයා වේ.2020 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී යාපනය කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා තීරණාත්මක ඉණිම කිහිපයකදීඔහු දැක්වූ දක්ෂතාවය සුවිශේෂී වෙයි. පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේ දී පන්දු 14 කට ලකුණු 30 ක් වාර්තා කරමින් යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම වෙනුවෙන් තිසර පෙරේරා සුවිශාල භූමිකාවක් ඉටු කරනු ලැබීය. තිසර පෙරේරා පිත්තෙන් දස්කම් පෙන්වූ ආසන්නතම අවස්ථාව ලෙස ඊයේ (2021.10.27)Army Sports Club නියෝජනය කරමින් පැවති තරගයේ දී (Major Club 50-Over Tournament)පන්දු 29කට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 60ක් වාර්තා කිරීම දැක්විය හැකිය.

ජාත්‍යන්තරT20ශ්‍රේණිගතකිරීම්වලදෙවැනි ස්ථානය හිමිකරගත් පන්දු යවන්නා වන්නේ වනිඳු හසරංගය.මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ එකම ලාංකික ක්‍රීඩකාය වන්නේද වනිඳුය.පසුගිය ලංකා ප්‍රිමියර් ලීග්(LPL)හි තරඟාවලියේ වීරයා බවට පත් වූ වනිදු, එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා ද වූයේ කඩුළු 17ක් අත්පත් කර ගනිමින් ය.ඔහු සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරමින් පිට පිට කඩුළු තුනක් දවා ගනිමින් එක් දින ක්‍රීඩා ඉතිහාසයේ මංගල ඉනිමේ දී කඩුළු ත්‍රිත්වයක් රැස් කළ තෙවැනියා බවට පත් විය.පසු ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමවඩාත්ම බලාපොරොත්තු තැබූ ක්‍රීඩකයා බවට පත් වූ වනිඳු මෙවර ලංකා ප්‍රිමියලීග් හි Jaffna Kings කණ්ඩායමේ ද ප්‍රබල අපේක්ෂාවක් බවට පත්ව තිබේ. එමෙන්ම ඔහු මේ වන විට T20ලෝක කුසලාන තරගාවලිය සඳහා අති සාර්ථක ලෙස ක්‍රීඩා කරමින් සිටියි.

ලංකා ප්‍රිමියර් ලීග් හි ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අවිශ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය තරඟ කිහිපයකමමුල්පෙල පිතිකරුවකු ලෙස සුවිශේෂී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි.පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරඟයකදී ලකුණු 118ක් ලබාගන්නා අවිශ්ක මෙම වසරේ ඉන්දියාව සමඟ පැවැති තරඟයේ දී ලකුණු 76ක් ලබාගැනීමට සමත් විය.ධනාත්මක පිති හරඹ රටාව නිසාම ලොව පුරා විචාරකයින්ගේ ඇගයීමට ලක් වූ අවිශ්ක පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණුලාභීන් පස්දෙනා අතර සිටියි. ඒ නිසාම ඔහුව හැඳින්වූයේ තරඟ ජයග්‍රහණය කරා රැගෙන යන්නා ලෙසයි.

දකුණත් දඟපන්දු යවන්නකු ලෙස මේ වන විට ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්ව සිටින මහේෂ් තීක්ෂණ ජාත්‍යන්තර තරඟයක දී සිය පළමු පන්දුවේදීම කඩුල්ලක් ලබා ගත් අතළොස්සක් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට එක් වූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු සිය මංගල තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවුම් බලාපොරොත්තුවක් බවට පත් වීමට සමත් විය. පසුගිය LPL තරගාවලිය අවසන් වූ වහාමමහේෂ් තීක්ෂණ අබුඩාබි T10 සඳහා කැඳවනු ලැබීය.විස්මයජනක පන්දු යවන්නා (mystery spinner) ලෙසින් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනා සිටින තීක්ෂණ මෙවර ද Jaffna Kings කණ්ඩායමේ ඉහළම බලාපොරොත්තුවක් බවට පත්ව සිටියි.

මෙම දේශීය ක්‍රීඩකයන්ට අමතරව Jaffna Kings කණ්ඩායම නියෝජනය කිරීම සඳහා කල්තියාම නම්කරනු ලැබූ විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු ද වෙයි. එම ක්‍රීඩකයන් වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරලිකරුවන් වන ෆෆ්ඩූප්ලෙසිස්(Fafdu Plessis) සහ වහබ් රියාස්(Wahab Riaz)ය. ඒ අනුව දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඩූ ප්ලෙසිස්Jaffna Kingsකණ්ඩායමේවිදේශීය Icon player ලෙසත් පකිස්තානු ක්‍රීඩක වහබ් රියාස් විදේශීය Diamond player ලෙසත් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් සටනට එක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *