ෂාරුක් ඛාන්ගේ පුත්‍රයාට ඇප

(ලංකාපුවත් | කොළඹ) –බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන මුම්බායි මත්ද්‍රව්‍ය නඩුවේ සම විත්තිකරුවන් දෙදෙනෙකුවන ආර්යන් ඛාන්, මහාධිකරණය ඇප මත නිදහස් කර ඇත.

ආර්යන් ඛාන් ඔක්තෝබර් 03 වැනිදා මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සති තුනකට පසු බොම්බේ මහාධිකරණය ඊයේ(28) මෙලෙස ඇප ලබා දුන්නේය.

23 හැවිරිදි ආර්යන් ඛාන් වෙනුවෙන් අවස්ථා දෙකකදී ඇප ඉල්ලා තිබුණද ඒවා ප්‍රතික්‍ෂේප කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *