2020 විගණකාධිපති වාර්ෂික වාර්තාව කථානායකවරයාට

(ලංකාපුවත් | කොළඹ) –2020 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාව, විගණකාධිපති ඩබ්. පී. සී වික්‍රමරත්න මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (28) පිළිගැන්විණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවේ. එම කාර්ය වඩාත් ඵලදායී ලෙස සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට පැවරී ඇති කාර්යභාරයට අනුව 2020 වසරට අදාළව මෙම විගණන වාර්තාව ඉදිරිපත් කරන ලදී.

මේ අනුව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, අධිකාරී, මණ්ඩල හා ව්‍යවස්ථාපිත අරමුදල්, පළාත් සභා, පළාත් පාලන ආයතන, විදේශ ආධාර ව්‍යාපෘති ඇතුළු ආයතනවලට අදාළව සිදුකළ විගණනයන් කාණ්ඩ 9 ක් යටතේ පාර්ලිමේන්තුවට ඉදරිපත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *