යළිත් කොරෝනා රෝගීන්ගේ සුළු වැඩිවීමක්

(ලංකාපුවත් | කොළඹ) – ඊයේ(04) දිනයේදී ආසාදිතයින් 592ක් හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ හතලිස් තුන්දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 543,385 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ 354 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලබා ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 514,234 ක් වේ. 15,345 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි. කොරෝනා මරණ 13,806 ක් සිදුව තිබේ.

එබැවින් කොරෝනා අවදානම එලෙසින්ම පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *