යළි කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්

(ලංකාපුවත් | කොළඹ) –නිරෝධායන ඇදිරි නීතිය සහ සංචරණ සීමා පැනවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු විය. කෙසේ වෙතත් මාසයකට පසුව මෙරට දිනක වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ(10) 700 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 718 කි.

පසුගිය මස 10 වනදා කොරෝනා ආසාදිතයින් 720 දෙනෙකු හඳුනා ගැනුනි. ඉන් පසුව ගත වූ මාසය තුළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වුණේ 700 ට වඩා අඩුවෙනි.

කෙසේ වෙතත් යළිත් වරක් වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් ඇති වීමට ප්‍රධාන හේතුව ජනතාව සෞඛ්‍ය නිර්දේශ පිළි නොපැදීම බව සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියොත් නැවතත් රට වසා දැමීමට නිර්දේශ කිරීම හැර වෙනත් විකල්පයක් සෞඛ්‍ය අංශ සතුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

පවතින ගංවතුර සහ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇතැයි ද පැවසීය.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − three =