(ලංකාපුවත් | කොළඹ) – ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම උදෙසා අධිකරණ අමාත්‍යාංශයේ ඒකාබද්ධතා අංශය විසින් පවත්වන ලද කෙටි චිත්‍රපට නිර්මාණ තරගාවලියේ සම්මාන සහ සහතික පත් ප්රදානය කිරීමේ උත්සවය අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(11) පැවැත්විණි.
ජාතික ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම සදහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ක්‍රියාශීලි සමස්ත පරපුර තුළින් කතිකාවතක් ගොඩනැංවීම සහ සුහදශීලි සමාජයක් ඇති කරලීම උදෙසා වන පසුබිම සකස් කිරීම මෙම කෙටි චිත්‍රපට නිර්මාණ තරගාවලියේ අරමුණ විය. ජාතික ඒකාබද්ධතාවය ,අන්තර් සංස්කෘතිය අවබෝධය,භාෂා බාධක ජය ගැනීම,විවිධත්වය අපේ ශක්තියයි,ඒකාබද්ධතාවය සදහා මාධ්‍ය භාවිතය යන මාතෘකා ඔස්සේ සිංහල, දෙමළ හා ඉංග්‍රිසි යන මාධ්‍ය ඔස්සේ මෙම තරගාවලිය පැවැත්විණි.
කෙටි චිත්‍රපට නිර්මාණ තරගාවලියේ සම්මාන හා සහතික පත් ප්රදානය කිරීමේ උත්සවය අමතමින් ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සදහන් කළේ, රටක් ජාතියක් ලෙස පමණක් නොව ලෝකයක් වශයෙන් ඉදිරියට යාමට නම් සාමය හා සමගිය අවශ්‍ය බවයි. එසේ ඉදිරියට යාමට නම් ධනාත්මක සාමයක් අවශ්‍ය වන බවත් ඒ සදහා එකිනෙකාට ගරු කළ යුතු බවත් රට තුළ පවතින විවිධත්වය ආශිර්වාදයක් බවට පත් කර ගැනීම සිදු කළ යුතු බවත් අමාත්‍යතුමා සදහන් කළේය.
ජනතාව තුළ පවතින විවිධ අදහස් මත වෙනස් කිරීමේ හැකියාව තරුණ පරපුරට පවතින බැවින් ඒ සදහා මෙවැනි නිර්මාණ සිදු කරන තරුණ තරුණියන් දිරිමත් කිරීම අතිශයින් වැදගත් බවත් ජාති ආගම් භේද නොමැති ශ්‍රී ලාංකීය පරපුරක් බිහි කිරීමට ශක්තිය පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා අදහස් දක්වමින් සදහන් කළේ මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමේ හැකියාව කලාවට පවතින බවයි. සාමය සමගිය හා සුහදත්වය එකිනෙකා අතර වැඩි දියුණු කිරීම අතිශයින් වැදගත් වන බැවින් කලා නිර්මාණ සිදු කරනු ලබන තරුණ පරපුර දිරිමත් කිරීම සිදු කළ යුතු බව ද ලේකම්වරයා සදහන් කළේය.
කලා නිර්මාණ රටකට සමාජ ආර්ථික ප්රතිලාභයන් ලබා ගැනීමට විශාල පිටිවහලක් වන බවත් නිර්මාණකරුවාට ජනතාවගේ සිත් තුළ ආකල්පමය වෙනස්කම් සිදු කිරීමට හැකියාව බවත් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඒකාබද්ධතා) ආර්.පී.එස්.සමන් කුමාරි,අතිරේක ලේකම් (සංවර්ධන) ලක්ෂ්මි කුමාරි යන මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ,කෙටි චිත්‍රපට නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන්ගේ දෙමාපියන් මෙම අවස්ථාව සදහා එක් වූහ.