ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් නොමිලේ අක්ෂි පරීක්ෂාවක්

(ලංකාපුවත් | කොළඹ) – ලබන 14වනදාට යෙදෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව, ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥයින්ගේ සංගමය විසින්,නොමිලයේ පැවැත්වෙන අක්ෂි සායනය මෙවර 8 වන වරටත් සංවිධානය කර ඇත.

වැළැක්විය හැකි අන්ධභාවය තුරන් කිරීම අරමුණු කර ගනිමින් මෙම අක්ෂි සායනය පැවැත්වේ.

රුවන්වැල්ල,යටන්වල,කෑගල්ල පාර,නො.175, සිසිල් කිං උත්සව ශාලාවේදී මෙවර එම සායනය මෙම 14වනදා උදේ 8.30 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වෙනු ඇත.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ එය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී ,ඇස් පෙනුම පරීක්ෂාව,රුධිරගත සීනි පරීක්ෂාව,BMI (උසට සරිලන බර) මැණීම,දියවැඩියා සංකූලතා ඇති අයට අභ්‍යන්තර අක්ෂි scan පරීක්ෂණ, විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් හමුව,දියවැඩියා රෝගීන් සඳහා උපදේශනය,පෝෂණවේදීන්ගේ සේවාව ලබාදීම,අවශ්‍ය අයට ඇස් කණ්ණාඩි පරිත්‍යාගය,සිදු කරනු ලබන අතර, පැමිනෙන සියළු දෙනාට දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ අත්පොතක් ද නොමිලයේ ලබාදෙනු ඇත.

මෙම වසරේදී සිය 60 වන සංවත්සරයද සමරනු ලැබූ ශ්‍රී ලංකා දෘෂ්ටි විශේෂඥයින්ගේ සංගමය, රට පුරා සේවාව සැපයීමේ අරමුණින් වසරින් වසර මෙම සායනය පැවැත්වෙන නගර තෝරාගනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *