ලිබියානු හිටපු පාලක ගඩාෆිගේ පුත්‍රයා ජනපති සටනට

(ලංකාපුවත් | කොළඹ) – හිටපු ලිබියානු පාලක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා සයිෆ් අල්-ඉස්ලාම් අල්-ගඩාෆි, ලිබියානු ප්‍රථම ඍජු ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට සූදානම් වේ.

ඒ අනුව දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන් ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වීම ඔහු විසින් ඊයේ(14) සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

49 හැවිරිදි සයිෆ් අල්-ඉස්ලාම් අල්-ගඩාෆි සම්ප්‍රදායික දුඹුරු පැහැති වස්ත්‍රයකින් සහ හිස්වැසුම්වලින් සැරසී අළු රැවුලක් සහ කණ්නාඩි පැළඳ අදාළ ජනාධිපතිවරණ ලේඛනවලට අත්සන් කරමින් පෙනී සිටින වීඩියෝවක් ද ප්‍රසිද්ධ කර ඇත.

සිය පියාගේ මරණයෙන් පසු සයිෆ් අල්-ඉස්ලාම් අල්-ගඩාෆි ද වසර 06ක් පුරා හමුදා භාරයේ රඳවාගනු ලැබීය. ඔහුව මරණ දණ්ඩනයට නියම කෙරුණ ද පසුව එම තීන්දුව වෙනස් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *