ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශේෂඥයක් පත් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස Richard Nuttall මහතා තෝරා පත් කරගෙන තිබේ.

ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු වන ඒ මහතා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකමජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇත.ඒ මහතාගේ ප්‍රවීණත්වය සහ පළපුරුද්ද ගුවන් සේවා කළමනාකරණය, වර්ධනය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම්කරණය, ගුවන් සේවා බෙදා හැරීම සහ විකුණුම් යනක්ෂේත්‍ර කිහිපයකම විහිදී පවතී.

Richard Nuttall මහතාමහාද්වීප 5ක් පුරා ආයතන රැසක ප්‍රධාන විධායක නිලධාරී, CCO සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික තනතුරු හොබවා ඇති අතර ඒ මහතා ආයතන තුළ තිරසාර වර්ධනයක් ඇති කිරීමේ සුවිශේෂී වාර්තා තබමින් අත්දැකීම් සම්භාරයක් සතුව ඇති ප්‍රවීණයෙකි.ඔහුගේ වෘත්තීය ජීවිතයේ ප්‍රමුඛතම අවස්ථා කිහිපයක් ලෙස ; Saudia Airlines හි විකුණුම්, උප සභාපති-Skyteamගුවන් සේවා සන්ධානයේ විධායක මණ්ඩල සාමාජික, Royal Jordanian හි ප්‍රධාන වාණිජ සහ උපාය මාර්ගික නිලධාරි, Bahrain Air හි ප්‍රධාන විධායක නිලධාරී, Kenyan Airways හි වාණිජ අධ්‍යක්ෂ, පිලිපීන ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් සහ Americas of Polar Air Cargo හි විකුණුම් සහ අලෙවි උප සභාපති ලෙස වැඩකටයුතු සිදුකර තිබේ.

ඒ මහතාගේ වාණිජ නායකත්වය යටතේ Saudia Airlines විසින් නිෂ්පාදන වැඩිදියුණු කිරීම, සහ වැඩි දියුණු කළ ලාභදායිත්වය ඇතුළත් ව්‍යාපෘතියක් වන ‘Vision 2020’ ආරම්භ කරන ලද අතර එය වසර තුනක් තුළ 30% ක සමස්ත වර්ධනයක් ලබා ගැනීමට සමත් විය.Royal Jordanian හි ඒ මහතාගේ සේවා කාලය තුළ, උපායමාර්ගික නායකත්වය තුළින්ගුවන් සේවය ඩොලර් මිලියන 80 ක ශුද්ධ ආදායම් වර්ධනයක් පෙන්නුම් කළේය. හෙතෙම උපදේශන ආයතන සහ විවිධ ආයතන සඳහා උපදේශන භූමිකාවන් ඉටු කර ඇති අතර එයට Alvarez & Marsal සහ Amadeus Saudi Arabia Ltd ඇතුළත් විය.

දෙදරු පියෙකු වන ඒ මහතා පාඨකයෙකු සහ සංචාරකයෙක් ලෙස හඳුන්වාදිය හැක. හෙතෙම ගොල්ෆ් ක්‍රීඩකයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසත් කටයුතු කර ඇති අතර, එංගලන්තයේ අවුරුදු 15න් පහළ පාසල් සහ හොංකොං කණ්ඩායම් නියෝජනය කර ඇත.

ඒ මහතා ශ්‍රීලංකන් ගුවන් සේවය හා එක්වන්නේ ජාතික ගුවන් සේවය ඵලදායී සහ තිරසාර ව්‍යාපාරික ගමනක් යන අවස්ථාවකය. එසේම ගුවන් සේවය පුළුල් ගෝලීය ගුවන් ගමන් ජාලය වැඩිදියුණු කිරීම් සහ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ සංචාරක පුනර්ජීවනය කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වෙමින් ප්‍රගතිශීලී ගමනක් ආරම්භ කර ඇති අවස්ථාවකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *