ගෙවල් 55 ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරය ඉදිකරයි

(ලංකාපුවත් | කොළඹ) –ග්‍රාමීය මට්ටමින් තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය දියුණු කිරීම සහ භෞතික සම්පත් වර්ධණය කිරීම මේ වන විට වත්මන් රජය ඉටු කරමින් සිටින බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සෞභාග්‍යයා දැක්ම යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ , සමන්පුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අංක 11 , 254 තුලානේ ගෙවල් 55 ක්‍රීඩා පිට්යේ , ප්‍රේක්ෂකාගාරය ඉදිකිරීමි කටයුතු ඊයේ(14) ආරම්භ කරමින් රාජ්‍ය ඇමතිවරයා එසේ ප්‍රකාශ කළේය.

මේ සදහා රුපියල් 1,462,500.00 ක මුදලක් වෙන් කර තිබුණි

නිරෝගී කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ක්‍රීඩාව අත්‍ය අවශ්‍ය වන බව පැවසූ රාජ්‍ය ඇමැති වරයා නගරයේ මෙන්ම ගම්මාන වලද ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු කිරීම වගකීමක් බවත් ක්‍රීඩා අංශ තුළ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා පිටි සංවර්ධනයත් ගෘහස්ත ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීමත් පිළිබඳව අවධානය යොමු කරමින් දැනට වෙන් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 3,000ක් ක්‍රීඩා පහසුකම් සංවර්ධනය සඳහා මෙවර අය වැයෙන් වෙන් කළ බව පැවසූහ.

මෙම අවස්තාව සදහා හිටපු පළාත් සභා අමාත්‍ය එච් . බී සේමසිංහ , උප නගරාධිපති බුද්ධික ප්‍රේමදාස, නාගරික මන්ත්‍රී ඉන්දික හෙන්දාවිතාරණ, සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම් නීල් බංඩාර හපුහින්න , අතිරේක ලේකම් වරුන් වන සී.ඩී කලුආරච්චි , නාලිකා ප්‍රියසේන, ආබාධිත සහිත තැනත්තන් සදහා වූ ජාතික මහලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂිකා අනුරාධා හේරත් , අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව්. ඒ. වසන්ත , සහකාර අධ්‍යක්ෂක මහින්ද වීරකෝන් ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *