නිවෙස්ගත කොවිඩ් ආසාදිතයන් ලියාපදිංචිය ඉහළට

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයන් නිවෙස්ගතව ප්‍රතිකාර ගැනීම සදහා ලියාපදිංචිවීම ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදය ඔස්සේ ප්‍රතිකාර ලබා සුවවු රෝගීන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ එක්දහස් 703 ක් පමණ වන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

නිවෙස්ගත රෝගී සත්කාර සේවාව යටතේ පසුගිය මාස පහ තුළ ලියාපදිංචිවු රෝගීන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 08 දහස් 611 කි.

ඒ අතරින් රෝහල් ගතකර ඇත්තේ සියයට 1 යි දශම 5 ක සංඛ්‍යාවක් බව ගල්හේන මහත්මිය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *