කොටස් වෙළෙඳපොළ වර්තාගත ලෙස ඉහළට

(ලංකාපුවත් | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසය යළිත් වරක් අලුත් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යෑමට සමත්ව තිබේ.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වෙයි.

ඊයේ (16) දිනය නිමා වනවිට කොළඹ කොටස් වෙ‍ෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,008.33ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 255.51ක වර්ධනයක් වෙයි. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 2.38 ක වර්ධනයක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

මේ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඊයේ දිනය නිමා වන විට ඒකක 3,606.85ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 8.47ක වර්ධනයකි. සාපේක්ෂව එය සියයට 0.24ක වර්ධනයක් බවද කොළඹ කොටස් වෙළෙඳපොළ පෙන්වා දෙයි.

දිනය නිමා වන විට දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 10.27ක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *