පාසල්වල සියලුම ශ්‍රේණි අද ඇරඹේ

(ලංකාපුවත් | කොළඹ) –දිවයිනේ පාසල්වල දැනට ආරම්භ කර නොමැති 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා වූ (06, 07, 08 සහ 09) අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම අද (22) සිදු කෙරිණ. ඒ අනුව අද සිට පාසල්වල සියලුම ශ්‍රේණි විවෘත වනු ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කළ අතර පළමු අදියරේදී ළමුන් 200ට අඩු ප්‍රාථමික ශ්‍රේණි පසුගිය මස 21 වැනිදා විවෘත කෙරිණ.

දෙවන අදියරේ දී දිවයිනේ සියලූම පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනිදා ආරම්භ කෙරිණ. පසුව තෙවැනි අදියර යටතේ සියලූම පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි පසුගිය 08 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *