වී-එළවළුවලට රසායනික පොහොර ගේන්න කිසිම තීරණයක් ගෙන නැහැ

(ලංකාපුවත් | කොළඹ) –වී, එළවළු සඳහා කිසිදු රසායනික පොහොර විශේෂයක් ආනයනය කිරීමට අවසර දී නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

වී, බඩ ඉරිඟු, එළවළු සහ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *