DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින්මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය ආධාර

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ගිවිසුම යටතේ DFC ආයතනය මගින් නිකුත් කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 150 ක දැවැන්ත ණය ආධාර මුදලක්, DFCC බැංකුව හරහා මෙරට සුළු, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන උන්නතිය උදෙසා පිරිනමනු ලැබේ.

රටේ සියලුම දෙනා වෙත ආර්ථික වර්ධන අවස්ථාවන් උදාකර දෙමින් වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීමට දරන උත්සාහයේ කොටසක් වශයෙන්, මෙම ණය යෝජනා ක්‍රමය උපරිම වශයෙන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත.

මෙම ණය මුදල,DFC ආයතනය විසින් ශ්‍රී ලාංකික හවුල්කරුවෙකු වෙත නිකුත් කරන ලද විශාලතම ණය පහසුකම ලෙස සැලකේ. ලොව පුරා විවිධ ගැටලු වලට මුහුණ දී සිටින ප්‍රජාවන් එම ගැටලු වලින් මුදවා ගැනීම අරමුණු කරගෙන මෙම ණය මුදල පිරිනමනු ලබන අතර, පවතින COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් වඩාත්දරුණුඅතටහැරීඇතිස්ත්‍රී පුරුෂ අසමානත්වය සහ ආර්ථික අවස්ථා විෂම ලෙස බෙදී යාම වැනි ගැටලු අවම කිරීම සඳහා මෙහිදී ප්‍රමුඛත්වය හිමි වේ.
“ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙම ණය යෝජනා ක්‍රමය අප වෙත හිමිවීම අපට මහත් ගෞරවයක්. මෙමගින්,ණය සේවාවන් සම්බන්ධයෙන් DFCC බැංකුව සතු මූලික අරමුණු හා ඉලක්ක වලට සමගාමීව, දැනට පවතින COVID-19 තත්ත්වය නිසා බලපෑමට ලක්වූ රටේ ආර්ථිකය යළි නඟාසිටුවීමට අත්වැලක් වීමට අපට හැකියාව ලැබෙනවා. DFCC බැංකුව යනු වසර 66 කටඅධික උරුමයක් සහිත බැංකුවක්. අපගේ ඉතිහාසය තුළ රටේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය පෙර නොවූවිරූ මට්ටමකට වැඩිදියුණුකිරීම සඳහා අප පුරෝගාමී ව්‍යපෘති රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. අප ගැන විශ්වාසය තබමින්, තම මූලික අභිලාශය වන අන්තර්කරණය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීමේ උත්සාහය වෙනුවෙන් පෙරමුණ ගැනීම සඳහා අප තෝරාගැනීම පිළිබඳව අප DFC ආයතනයට ස්තූතිවන්ත විය යුතුයි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය ඔස්සේ, මෙරට ප්‍රමුඛත්වය හිමිවිය යුතු ක්ෂේත්‍ර ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති කුඩා, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍ර (SME සහ MSME) වලට පරිපූර්ණ ණය පහසුකම් පිරිනැමීමටDFCC බැංකුව කටයුතුකරනුඇත. එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (විශේෂයෙන්ම එහි 5 වන ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානත්වය) ළඟා කරගැනීම සඳහා බැංකුව දක්වන දායකත්වයේ එක් වැදගත් අංශයක්ද වේ. මෙම ඉලක්කය ළඟා කරගැනීමේ පියවරක් වශයෙන්, කාන්තා ව්‍යවසායකත්වය දිරිගැන්වීම අරමුණු කරගෙන, මෙම ණය පහසුකම් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් කාන්තාවන්ගේ මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත පිරිනැමීමට DFCC බැංකුව අපේක්ෂාකරයි. මූල්‍ය පහසුකම් නොමැති වීම නිසා තම ව්‍යාපාර දියුණු කරගැනීමට නොහැකි වීම ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන අතර, මෙම වැඩසටහන එම ගැටලුවට කිසියම් ආකාරයක විසඳුමක් වනු නිසැකය. මීට අමතරව කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රය සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත මෙන්ම, සූර්ය බලශක්ති ජනනය සහ කුඩා පරිමාණ ජල විදුලි බලාගාර වැනි පරිසර හිතකාමී, තිරසාර ව්‍යපෘති සඳහාද අරමුදල් සම්පාදනය කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි.

ඉදිරියටත්, තම ‘Triple-bottom line value creation’ ආකෘතිය හා සමගාමී වන සහ, සියලුම දෙනා වෙත ප්‍රතිලාභ සලසන මෙවැනි වැඩසටහන් ඔස්සේ රටේ සංවර්ධනයට දායක වීමට DFCC බැංකුව දිගින්දිගටමකටයුතුකරනු ඇත.

Alpen Capital (ME) සමාගම මෙම ගනුදෙනුව සඳහා මූල්‍ය උපදේශක ලෙස කටයුතු කළේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *