අධිවේගයේ මුදල් ගෙවීමට අලුත් ක්‍රමවේදයක්

(ලංකාපුවත් | කොළඹ) – අධිවේගී මාර්ගයන් හි ගාස්තු අය කිරීම LANKAQR ගෙවීම් ක්‍රමවේදය හරහා සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එම යෝජනාව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.

පසුගිය දා මෙම ගෙවීම් ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණ ඇතිවය.

ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා ද මෙම කේතය ඉදිරියේදී හඳුන්වා දෙනු ලබයි.

ඒ අනුව ජංගම දුරකතනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් අදාළ මුදල් ගෙවීමට හැකියාව ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *