මැදවච්චියේ යළී කොවිඩ් හිස ඔසවයි

(ලංකාපුවත් | කොළඹ) –මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නැවතත් කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය වර්ධනය වෙම්න් පවතින බව මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

එම කාර්යාල ප්‍රකාශකයෙකු පවසා සිටියේ ගෙවී ගිය ආසන්නතම සතිය තුළ, කොවිඩ් 19 වෛරසය ආසාදිත වූවන් 28 දෙනෙකු මැදවච්චිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් පමනක් හදුනාගෙන ඇති බවයි.

ඒ අනුව පසුගිය 17 වන දින රෝගීන් 07 දෙනෙකුද, 19 වන දින රෝගින් 14 දෙනෙකුද , 21 වන දින රෝගීන් 02 කුද, 22 දින වන විට රෝගින් 05 දෙනෙකුද අහඹු පී.සී.ආර් පරික්ෂණ වලින් හදුනාගත් ඇත. මේ අතර මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහ මැදවච්චිය සමෘද්ධි අංශයේ සේවය කරන රාජ්‍ය නිලධාරින් ද කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගත් බව මැදවච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙරට සාර්ථක එන්නත් කරනයේ අවසානයෙන් පසු දින ගතවීමත් සමග මහ ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමේ ප්‍රධාන සෞඛ්‍ය නිර්දේශ අමතක කර දමා කටයුතු කිරීමේ ප්‍රථිපලයක් ලෙස මෙලෙස නැවත කොවිඩ් වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් නැවත එම මාර්ග උපදේශ නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස මැදවච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *